පොරොන්දු පිට, අදත් ශ්‍රී ලංකන් ගුවන් යානයකට සිදු වුණ දේ - පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් මගීන් අතර?.

SriLankan Airlines Sri Lanka
By krishani Oct 04, 2023 09:59 AM GMT
Report

අද (04) අලුයම 1:10ට කටුනායක සිට බැංකොක් නුවර බලා පිටත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල්. 403 දරණ යානය වෙලාවට පිටත් නොවීම හේතුවෙන් ගුවන් මගීන් දැඩි අපහසුතාවට පත් වී ඇත.

එම යානය අලුයම 1:10 ට පිටත් වී උදෑසන 8:30 ට බැංකොක් නුවරට ලගා විය යුතුව තිබිණ.

ඉන් පසු උදෑසන 10:40 ට නැවත කටුනායක ගුවන්තොටුපළ වෙත ලගා වීමට නියමිතව තිබුණේ ය.

ඒ හේතුවෙන් ගුවන්තොටුපළ දෙකෙහිම මගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සඳහන් වේ.

මේ අතර ගුවන්තොටුපළේ ආරංචි මාර්ග සඳහන් කළේ බැංකොක් ගුවන්තොටුපළේ සිටින ගුවන් මගීන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සිටින බවයි.

කෙසේ වෙතත්, පසුගියදා වෘත්තීය සමිති සහ විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අතර පැවති සාච්ඡාවේ දී අමාත්‍යවරයා හමුවේ බලධාරින් ඇතුලු සේවකයින් පොරොන්දු වූයේ නැවත ගුවන් යානා ප්‍රමාදයන් සිදුනොවීමට වගබලා ගන්නා බවයි.

අදත් මෙලෙස ගුවන් යානා ප්‍රමාදයක් වාර්තා වූයේ එවන් පසුබිමක් තුළයි.