උගන්ඩාවට පැටෙව්ව ටොන් 102 ගැන ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් දැන් කියන අලුත්ම කතාව...!
ගිය අවුරුද්දේ උගන්ඩාවට මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102ක් ප්‍රාවහනය කරපු එක ගැන මේ වෙනකොට විශාල කතාබහක් ඇති වෙලා තියෙනවා.
හැමෝම ප්‍රශ්න කරන්නෙ මේ අරන් ගියේ මොනවද කියලයි. ඒ ගැන ශ්‍රී ලංකන් එයාලයින්ස් කරපු අලුත්ම ප්‍රකාශය තමයි මේ.
"අපිට කොළඹ ඉඳලා උගන්ඩාවේ එන්ටෙබේ වලට ටොන් 102ක් ගෙනියන්න ඕඩර් එකක් ලැබුණා. මේක සම්පූර්ණයෙන්ම බිස්නස් ඕඩර් එකක්. ඒකෙන් ඒ කාලෙ රටට වගේම ගුවන් සමාගමටත් හොඳ ආදායමක් ලැබුණා. ඒත් ඇග්‍රිමන්ට්ස්වලට අනුව අපිට ඒවයෙ තොරතුරු එළියට දෙන්න බෑ."
මේ කියන ප්‍රකාශයට පස්සෙ සමාජ මාධ්‍යවලින් මේ ටොන් 102 ගැන හතර අතින් ප්‍රහාර එල්ල වෙන්න ගත්තා. ඒ නිසාම ගුවන් සමාගම මේ ගැන කියලා ට්විටර් එකක් දාලා තියෙනවා.
"උගන්ඩාව ලංකාවෙ කර්මාන්ත ශාලා කීපයකින් සහ ලොව පුරා ක්‍රියාත්මක වන ආරක්ෂණ මුද්‍රණ යන්ත්‍රයකින් ගෝලිය වෙළඳපොළට නෝට්ටු අපනයනය කරනවා. 2021 වසංගත කාලෙදි පාවිච්චි නොකරපු ගුවන් යානා ඇමරිකාවේ භාණ්ඩ ප්‍රවාහනය කරන කෙනෙක් කුලියට අරගෙනයි තිබ්බෙ.."
මේ තමයි අලුත්ම තත්වය...!