ශ්‍රී ලංකාව සුවිශාල ජයග‍්‍රහණයක් ලබයි...රටවල් 194කින් 03 වැනි තැනට එයි.
Corona
Sri Lanka
Mahinda Rajapakshe
Gotabaya Rajapakshe
Covid vaccines
Keheliya rabukwella
Basil Rajapakshe
World countries
By Aruna
ලෝකයේ රටවල් 194 ක් අතරින් ශ්‍රී ලංකාව කොරෝනා එන්න කරණයෙන් තුන්වැනි තැනට පත්ව ඇති බව සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් පවසනවා.
එය රටක් ලෙස මෙරට ජනතාව මෙම සියවසේ ලබා ගත් ඉහළම ජයග්‍රහණයක් බවයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ.
මෙරට සාර්ථක එන්නත්කරණය හේතුවෙන් ජනතාවගේ ජීවිතයට ඉඩක් ලබාදී ඇතැයිද හෙතෙම වැඩිදුරටත් සදහන් කළා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, නාගරික සංවර්ධන අධිකාරියේ දී පැවති වැඩසටහනක දී මාධ්‍ය අමතමින්.
උපරිම එන්නත්කරණය හරහා ජනතාවගේ ජීවිත අවදානමෙන් බේරා ගැනීම ඉලක්කය බවත්, මේ වන විට වසරක් තුළ තෙවැනි එන්නත්කරණයද ශ්‍රී ලංකාව සාර්ථක ලෙස සිදු කරමින් සිටින බවත්, ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |