කඩුලු නමයක සුපිරි ජයක් ලංකාව හිමිකරගයි ..(PHOTOS)

Cricket Sri Lanka Cricket Zimbabwe national cricket team
By Sewvandhi Jan 18, 2024 01:31 PM GMT
Report

UPDATE 

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග 03කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය 2ට 1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව අද (18) සමත්විය. .

ඒ අද පැවැති අවසන් තරගය කඩුලු 09කින් ජයගනිමිනි.

.....................................................................

UPDATE 

අද තරඟයේදී, සම්බාබ්වේ පිතිකරුවන් අසරණ කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත්විය.

ඒ අනුව පන්දුවාර 14 පන්දු 01ක් අවසානයේ සියලුදෙනා දැවී සිම්බාබ්වේ කණ්ඩායමට රැස් කරගැනීමට හැකිවූයේ ලකුණු 82ක් පමණි.

.......................................................................

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග 03කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් හා තීරණාත්මක තරගය අද (18) පැවැත්වෙන අතර එහි කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට ලබාදීමටය.

තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය.

දෙරටම තරග එක බැගින් ජයගෙන මේ වනවිට තරගාවලිය සම කර තිබේ. ඒ අනුව තරගාවලිය ජයගැනීම සඳහා අද තරගය තීරණාත්මක වනු ඇත.

Sponsored By Sarrita Jewellery

කඩුලු නමයක සුපිරි ජයක් ලංකාව හිමිකරගයි ..(PHOTOS) | Sri Lanka Vs Zimbabwe Third T20 Toss

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery