ලංකාවේ වාහන ක්ෂේත්‍රයේ අද සිට පෙරළියක්..වෙළඳ පොලට එන අලුත්ම වාහනය මෙන්න.

Sri Lanka Wimal weerawansa Vehicle market Lanka ashok Leland private company
By Aruna Dec 20, 2021 02:11 AM GMT
Report

ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මුල්වරට දේශීයව අගය එකතු කරමින්, එකලස් කරන ලද ට්‍රක් රථ වෙළඳපොළට

හඳුන්වා දීම මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයෙහි හැරුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීමේ හා වාහන අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක්(Standard Operating Procedure) 2021 මාර්තු 15 වැනි දා ජනගත කිරීම මඟින් මේ වන විට දෙස් විදෙස් ආයෝජකයන්ට එම කර්මාන්ත ක්ෂේත්‍රයේ විශ්වාසයෙන් යුතුව ආයෝජන කළ හැකි නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තිමය රාමුවක් සකස් කර දෙනු ලැබ තිබේ.

ඒ අනුව යමින් ක්‍රියාත්මක වන කර්මාන්ත අමාත්‍යාංශයට අයත් ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම ලාංකික ශ්‍රමයෙන්, ප්‍රථම වරට දේශීයව අගය එකතු කරමින් නිපදවන ලද ට්‍රක් රථ පෙළ හෝමාගම, ගොඩගම පිහිටි එම සමාගමේ වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවේ දී අද(20) උදේ 10:00ට වෙළඳපොළට හඳුන්වා දීමට නියමිතය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වේ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,

මාධ්‍ය ලේකම්, කර්මාන්ත අමාත්‍යාංශය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now