ගුරු - විදුහල්පති දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් - පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් කුමක් සිදු වේවි ද..?

Sri Lanka Economic Crisis Sri Lanka
By krishani Apr 24, 2022 04:24 AM GMT
Report

දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වීමට ගුරු හා විදුහල්පති සංගම් තීරණය කර තිබෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් සඳහන් කළා.

ඒ අනුව මෙම වර්ජනය හෙට (25) දිනයේ පැවැත්වෙනවා.

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බස් ගාස්තු සහ පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ යාමත්, රජය ගෙන යන ජනතා විරෝධි වැඩපිළි‌වෙළට විරෝධය පල කිරීම සඳහාත් වර්ජනය පැවැත්වෙන බවයි එම සංගමය සඳහන් කරන්නේ.

මේ අතර වර්ජනය සඳහා ගුරු විදුහල්පති සංගම් 30 ක් සහභාගි වන බව වාර්තා වනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join