ශ්‍රී ලංකාවට අද උදෑසනම සතුටුදායක ආරංචියක්..

Sri Lanka Government Of Sri Lanka Asian Games 2023
By Aruna Aug 10, 2023 03:05 AM GMT
Report

කැරිබියන් රාජ්‍යයක් වන ට්‍රිනිඩෑඩ් හා ටුබෑගෝ හි පැවැත්වෙන යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තවත් පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට දිනාගන්නට හැකි වුණා.

ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම පැවති මීටර 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට අයෝමාල් අකලංක ක්‍රීඩකයා සමත්වීම විශේෂත්වයක්.

ඔහු එහිදී දැක්වූ දක්ෂතාව තත්පර 51 යි දශම හයයි එකක්.

ඊයේ එහි මූලික වටයේ තරගයට සහභාගිවූ අකලංක එම ඉසව්ව නිම කළේ තත්පර 51 යි දශම නවයයි නවයකින්.

අයෝමාල් අකලංක අඹගමුව මහා විද්‍යාලයේ සිසුවෙක්.

මේ අතර, උස පැනීම ඉසව්ව නියෝජනය කළ නිලුපුල් තේජාන් මීටර 2 ක දක්ෂතාවක් දක්වමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කරගනු ලැබීය.

මීටර 400 කඩුලු මතින් දිවීමේ කාන්තා ඉසව්ව නියෝජනය කළ ශලනි හංසිකා ට හිමිවූයේ එහි හතරවන ස්ථානයයි.