ශ්‍රී ලංකාව සහ සෞදි සංවර්ධන අරමුදල අතර නව ණය ගිවිසුමක් අත්සන් කෙරේ
ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ, ශ්‍රී ලංකා රජය සහ සෞදි සංවර්ධන අරමුදල අතර ද්විපාර්ශ්වික සංශෝධන ණය ගිවිසුම් අද (14) අත්සන් කරන ලදී.
මෙම ගිවිසුම් මුළු ණය වටිනාකම සෞදි රියාල් 516,951,065.02කි. මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ, මෙය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් බවයි.
ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවීම අත්හිටුවූවද, සෞදි අරාබිය අඛණ්ඩව ණය ලබා දෙමින් සංවර්ධන ව්‍යාපෘතීන්හි ප්‍රගතියට උපකාරී වී ඇත. මෙම ණය සහනදායී කොන්දේසි යටතේ ලබා දී ඇති අතර, එය රටේ ණය බරට සහනයක් වී ඇත.
ගිවිසුම්වලට ශ්‍රී ලංකාව වෙනුවෙන් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ සෞදි අරාබිය වෙනුවෙන් සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් අබ්දුල්රහ්මාන් ඒ අල්මර්ෂාඩ් මහතා අත්සන් තැබූහ.
මෙම සංචාරයේදී, සෞදි සංවර්ධන අරමුදලේ ණය මූල්‍යයනයෙන් ඉදි කළ 'වයඹ විශ්ව විද්‍යාල නගර සංවර්ධන ව්‍යාපෘතිය' උත්සවාකාරයෙන් විවෘත කෙරිණි. මෙම ගිවිසුම් ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.