මත්පැන් සතොසටත් යයි?..

Sri Lanka Lanka Sathosa
By krishani Nov 11, 2022 11:31 PM GMT
Report

සුරාබදු ආදායම් වැඩිකිරීමේ පියවරක් වශයෙන් දිවයින පුරා පිහිටි සතොස වෙළෙඳසැල් 300කට මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කොට ඇත.

ඒ අනුව සුරාබදු නිවේදන 902 ඛණ්ඩය (සුරාබද්දට යටත් ද්‍රව්‍ය) යටතේ සුදුසුකම් සපුරා ඇති සියලු සතොස වෙළෙඳසල් වෙත කඩිනමින් මත්පැන් බලපත්‍ර ලබා දීමට කටයුතු සම්පාදනය වෙමින් පවතියි.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අදාළ බලපත්‍ර අනුමත කිරීමෙන් පසු සතොස ආයතනවල මත්පැන් අලෙවි කිරීමේ කවුන්ටර් විවෘත කිරීමට ද පියවර ගෙන ඇති බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join