ලංකාව වටා මුහුදු ප්‍රදේශ කිහිපයක හදිසි වෙනසක්
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම අවවාදාත්මක නිවේදනයට අනුව මුහුදු ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය සහ රළ උස ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතී.
විශේෂයෙන්ම කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වන වෙරළ තීරයේ මෙන්ම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු කලාප විටින් විට රළු විය හැක.
මීට අමතරව හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 සිට 2.5 දක්වා ඉහළ යාමේ හැකියාවක් ද පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.
මේ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කළ යුතු අතර, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී නිකුත් කරනු ලබන නිවේදන පිළිබඳව ද නිරන්තරයෙන් විමසිලිමත් විය යුතුය.