ගමන් කරන ඔබට වැදගත්යි - ශ්‍රී ලංකා මාර්ග පිළිබඳ සියලු තොරතුරු එකම වෙබ් අඩවියක

Sri Lanka Bimal Rathnayake Latest Headlines Sinhala news Disaster
By Shehan Dec 15, 2025 10:09 AM GMT
Report

ප්‍රවාහන, මහාමාර්ග, වරායන් සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ මගපෙන්වීමෙන්, මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) සහ අමාත්‍යාංශයේ ඩිජිටල් ටාස්ක් ෆෝර්ස් එක එක්ව https://road-lk.org නමින් නව මහජන වෙබ් අඩවියක් දියත් කර ඇත.

මෙම පද්ධතිය මගින් ශ්‍රී ලංකාවේ ජාතික මාර්ග ජාලයේ තථ්‍ය කාලීන තත්ත්වයන් – වැසීම්, හානි, අනතුරු සහ අලුත්වැඩියා කටයුතු – පිළිබඳ තොරතුරු ලබාගත හැකිය.

අනතුරුදායක කඳුකරයේ තවමත් ඉවත් නොවූ ජනතාව - ජීවිත 10,000කට වැඩි ප්‍රමාණයක් අවදානමේ

අනතුරුදායක කඳුකරයේ තවමත් ඉවත් නොවූ ජනතාව - ජීවිත 10,000කට වැඩි ප්‍රමාණයක් අවදානමේ

අමාත්‍ය බිමල් රත්නායක මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනකින් මෙම ව්‍යාපෘතිය පිළිබඳව දැනුම්දීමක් සිදුකරමින් පැවසුවේ, මෙතෙක් ශ්‍රී ලංකාවේ මාර්ග තත්ත්වයන් පිළිබඳ තථ්‍ය කාලීන තොරතුරු ලබාගැනීමට නිසි ක්‍රමවේදයක් නොතිබූ බවයි. මෑටකදී සිදුවූ ආපදා නිසා මාර්ග පද්ධතියට සිදුවූ දැඩි හානි මධ්‍යයේ මෙම අවශ්‍යතාව තීව්‍රව මතුවූ අතර, එයට ප්‍රතිචාර වශයෙන් මෙම දත්ත පද්ධතිය සම්පූර්ණයෙන්ම මහජන සහභාගීත්වය මත ගොඩනැගුණු එකක් බවට පත්කර ඇත.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, මෙය සති කිහිපයක් පුරා නියමු ව්‍යාපෘතියක් (pilot project) ලෙස ක්‍රියාත්මක කරන බවත්, ඉන් පසු ක්‍රමයෙන් දියුණු කරමින් ස්ථිර වැඩපිළිවෙළක් බවට පත්කරන බවත්ය. අනාගතයේදී ගම්මාන මාර්ගද මෙම පද්ධතියට ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති අතර, පොලිසිය සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ටද තොරතුරු සෘජුව ඇතුළත් කිරීමේ පහසුකම් ලබාදීමට නියමිතය.

ආපදාවෙන් අසරණ වූ දරුවන් ගැන පොලීසියෙන් භයානක අනාවරණයක්

ආපදාවෙන් අසරණ වූ දරුවන් ගැන පොලීසියෙන් භයානක අනාවරණයක්

මෙම ව්‍යාපෘතිය ආපදා කාලයේදී මෙන්ම සාමාන්‍ය කාලයේදීද මාර්ග භාවිතා කරන්නන්ට ඉතා වැදගත් සේවාවක් බවට පත්වනු ඇතැයි අමාත්‍යාංශය අපේක්ෂා කරයි. ජනතාවගේ සක්‍රීය සහභාගීත්වය මෙහි සාර්ථකත්වයේ මූලික සාධකය වනු ඇත.