ශ්‍රී ලංකාවේ ඉදිරි සති කිහිපය තීරණාත්මකයි..ජනපතිගෙන් දැනුම්දීමක්..
                                    
                    Ranil Wickremesinghe
                
                                                
                    President of Sri lanka
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමඟ ඉදිරි සති කිහිපය තුළ ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඉන් අනතුරුව තරඟකාරී, ඩිජිටල්කරණය වූ හරිත ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා නව වාණිජ බැංකුවක්, ආර්ථික කොමිෂන් සභාවක් සහ "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" නමින් නව ආයතනයක් පිහිටුවමින් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය නංවාලීමට රජය සැලසුම් කර ඇති බවත් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ, 2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනුයි.
 
                 
                 
                                             
     
     
        
     
     
     
     
    