තැපැල් වර්ජනය අරඹයි !
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සංකේත වැඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ,අද (11) පස්වරු 4.00ට ආරම්භ කළ වැඩවර්ජනය හෙට (12) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මක බවය.
මධ්‍යම තැපැල් හුවමාරුවේ පවතින අතිකාල ක්‍රමයන් සංශෝධනය කිරීම, නිලධාරීන්ගේ මාරුකිරීමේ මණ්ඩලයේ, අභියාචනා මණ්ඩලවලින් වෘත්තීය සමිති ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එම වර්ජනය ක්‍රියාත්මක කර ඇති බව චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.
"අද පස්වරු 4 සිට සමස්ත තැපැල් සේවකයින් එක්දින වැඩවර්ජනයක් ආරම්භ කළා මේ මොහොත වන කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු අද දින රාජකාරි කරන සියුලුම තැපැල් මධ්‍යස්ථානවල මේ වැඩවර්ජනය ආර්මභ කරලා තියෙනවා. ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රී 12 දක්වා එම වැඩවර්ජනය ක්‍රියාත්මකයි.
මේ ඉල්ලීම් පිළිබඳව දේශපාලන අධිකාරිය සහ තැපැල් බලධාරීන් අවස්ථා ගණනාවකදී දැනුවත්කරලා තියෙනවා. ඒ වගේම ඔවුන් සමග සාකච්ඡාකරලා විසඳුම් නොලැබීම තුළ තමයි මේ වැඩ වර්ජනය අද අපි ක්‍රියාත්මක කරන්නේ. වර්ජනයේ බලපෑම් තුළ අද පස්වර් 4 සිට හෙට මධ්‍යම රාත්‍රී 12 දක්වා දිවයිනේ කිසිදු තැපැල් සේවයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා දිවයිනේ කිසිදු තැපැල් සේවා ලබාගැනීමට පාරිභෝගිකයින්ට හෙට දවස තුළ ඉඩකඩක් ලැබෙන්නේ නැහැ."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |