225 ම හොරු නෙවෙයි.. විගණනයක් කර සත්‍ය හෙළි කරන්න - 225 කෙනෙකුගෙන් ප්‍රකාශයක්..

politics parliament Sri lanka sinhala news today trending news Mr.weerasumana weerasighe
By krishani Apr 16, 2022 12:33 AM GMT
Report

රටේ පවතින අර්බුදකාරී දේශපාලනයට එරෙහිව වීදි බැස ඇති ජනතාව පවසන අන්දමෙන් පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාම හොරු ලෙස ලේබල් කරන තත්ත්වයට ව්‍යවස්ථාදායකය පත් වී ඇති බව මන්ත්‍රී වීරසුමන වීරසිංහ පවසනවා.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේ 'හොරු' යන ලේබලයට අයත් පිරිස් සහ ඊට අයත් නොමැති පිරිස් ද සිටින බවයි.

ජනතාවගේ මෙම චෝදනාව වැරදි නොකල පාර්ලිමේන්තුවේ කටයුතු කරන මන්ත්‍රීවරුන්ට අයහපත් ලෙස බලපාන අතර, මේ හේතුවෙන් ඒ සම්බන්ධයෙන් වහාම සොයා බැලීමට පාර්ලිමේන්තුව තුළ වහාම විගණනයක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

නිවැරදි විගණනයක් තුළින් වැරදිකරුවන් සිටී නම්, ඔවුන්ට දඬුවම් ලබා දී, එම දේපොළ ජනතාවට යළි පවරාගත හැකි බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join