නව කැබිනට්ටුව පත් කිරීම බරපතළ අර්බුදයක - අගමැති මහින්ද විපක්ෂයේ අසුන් ගැනීමක්.. ?

Prime minister Sri lanka sinhala news today trending news Mr.Mahinda Rajapakshe cabinet discussion
By krishani Apr 18, 2022 03:24 AM GMT
Report

ඊයේ (17) රාත්‍රියේ නව ඇමති මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡා වටය දැඩි උණුසුම් ස්වභාවයක් ගත් බව වාර්තා වනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නවක මුහුණු රාශියකින් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට තීරණය කර එම යෝජනාව මෙම රැස්වීමේදී ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම යෝජනාවට එකහෙළා විරුද්ධ වී ඇති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු, ජනාධිපතිවරයාට පවසා ඇත්තේ ජනාධිපතිවරයා ගේ යෝජනා ක්‍රියාත්මක වුවහොත් තමන් විපක්ෂයේ වාඩි වන බවයි.

මෙහිදී ජනාධිපතිවරයා විසින් නව පත් කිරීම් සිදු කිරීම සඳහා පසුගියදා පත් කරන ලද කැබිනට් අමාත්‍යවරුන් සිව්දෙනාට සිය තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙසට යෝජනා කර තිබෙන බව ද වාර්තා වනවා.

කෙසේ වෙතත් එම යෝජනාවට ද එක හෙළා විරුද්ධ වී ඇති අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසා ඇත්තේ මේ මොහොතේ කැබිනට් අමාත්‍යධූරය අත්හැර දැමීමට තමන් සූදානම් නොමැති බවයි.

ඒ අවස්ථාවේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පවසා ඇත්තේ කරුණු කාරණා මෙසේ සිදු වන්නේ නම් තමන් ඇතුළු කණ්ඩායමට විපක්ෂයේ වාඩි ගැනීම හැරෙන්නට වෙන විකල්පයක් නොමැති බවයි.

මේ හේතුවෙන් නව කැබිනට් මණ්ඩලය පත් කිරීම සඳහා අවසන් තීන්දු තීරණ ගැනීමට කැඳවා තිබූ මෙම සාකච්ඡාව අවසන් තීරණයකින් තොරව නිමා වූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් නව කැබිනට් මණ්ඩලයේ තනතුරු භාර නොගන්නා බවට මීට පෙර හිටපු අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, ආචාර්ය බන්දුල ගුණවර්ධන, රියර් අද්මිරාල් සරත් වීරසේකර ආදීන් මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් මතුවී ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් බොහෝ විට අද දිනය තුළ දීත් නව කැබිනට් මණ්ඩලය දිවුරුම් නොදෙනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join