තවත් පක්ෂයක් සර්වපාක්ෂික සමුලුවෙන් ඉවත් වෙයි..! ඉවත් වූ සියලු පක්ෂ මෙන්න...
Politics
Udaya Gammanpila
Anura Kumara
Vimal weeravansha
Jeewan Thondaman
By Sewvandhi
ලංකා කම්කරු කොංග්‍රසය සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නො වීමට තීරණය කර තිබෙනවා. එහි මහ ලේකම් රාජ්‍ය අමාතය ජීවන් තොන්ඩමන් මේ බව නිවේදනය කළා.
මේ අතර තම පක්ෂය ද සර්ව පාක්ෂික සමුළුව සඳහා සහභාගි නොවන බව දෙමළ ජාතික ජනතා සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් ප්‍රකාශ කළා.
මේ වනවිට තවත් පක්ෂ කිහිපයක් ම සර්ව පාක්ෂික සමුළුව සඳහා සහභාගි නො වන බව යි ප්‍රකාශ කරන්නේ.
ඒ අනුව ජාතික ජන බලවේගය, සමඟි ජන බලවේගය යන ප්‍රධාන විපක්ෂ දෙක ම සර්ව පාක්ෂික සමුළුව සඳහා සහභාගි නො වන බව මේ වන විටත් දැනුම් දී අවසන්.
මේ අතර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර යන හිටපු අමාත්‍යවරුන් ද මීට පෙර දැනුම් දුන් පරිදි සර්ව පාක්ෂික සමුළුව සඳහා සහභාගි නො වනු ඇති.
මෙම සර්ව පාක්ෂික සමුළුව පැවැත්වීමට යෝජනා වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙනි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |