පොලිසියෙන් විශේෂ මෙහෙයුමක්..

Sri Lanka Police Sri Lanka
By krishani Dec 12, 2022 03:24 AM GMT
Report

මරදාන, දෙමටගොඩ, ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම් ආවරණය වන පරිදි ඊයේ (11) රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.00 දක්වා මාළිගාවත්ත පොලිස් ස්ථානය විසින් විශේෂ පොලිස් මෙහෙයුමක් සිදුකර ඇත.

අදාළ මෙහෙයුමෙන් වරෙන්තුකරුවන් 10දෙනෙකු, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 860ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් 08දෙනෙකු, හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 155ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනකු සහ ගංජා ග්‍රෑම් 04ක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක්, ගංජා මිශ්‍ර මාවා කිලෝ 02යි ග්‍රෑම් 72ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අද (12) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මාළිගාවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join