එප්පාවලින් අතුරුදන් වූ මල් කැකුළ සොයා ගනී..

Sri Lanka Police Sri Lanka
By krishani Dec 24, 2022 02:38 AM GMT
Report

එප්පාවල - කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ දී අතුරුදන් වූ නව හැවිරිදි පිරිමි දරුවා රිකිල්ලගස්කඩ - ජෝන්ස්ලන් වතුයායේ නිවසකින් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ ය.

මෙම දරුවා ළගින් ඇසුරුකළ විදුලි කාර්මික ශිල්පියාගේ හිතවතෙක්ගේ නිවසක සිටිය දී එලෙස සොයාගෙන ඇත්තේ.

පසුව අදාළ විදුලි කාර්මිකයාද එහි සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

දරුවාද පොලිස් භාරයට ගෙන ඇති අතර අදාළ සිසුවා පසුගිය 19 වනදා රාත්‍රියේ සිට අතුරුදන්වූ බවට මව විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි විමර්ශන කටයුතු සිදු කෙරුණේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join