රියදුරන් පිරිසක් සම්බන්ධයෙන් පොලිසියෙන් විශේෂ මෙහෙයුමක්..
Sri Lanka Police
Colombo
Sri Lanka
By krishani
පෙරේදා (19) රාත්‍රියේ, බස් රථ රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කරනවාද යන්න පිළිබඳව සොයා බැලීමට පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක් දියත් කෙරිණ.
ඒ වැල්ලම්පිටිය පොලීසිය විසින් ය.
ඒ අනුව පෙරේදා සිට ඊයේ (20) උදෑසන දක්වා සිදුකරන ලද එම විශේෂ සෝදිසි මෙහෙයුමේ දී මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කළ රියදුරන් තිදෙනෙකු බස් රථ සමග පොලිස් භාරයට ගෙන තිබෙනවා.
කෙසේවෙතත්, ඉදිරි දින කිහිපයේ දී ද මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් කොළඹ නගරයේ දී සිදු කරන බව පොලීසිය සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |