පොලිස් වෙස් අරගෙන නිවසක් කොල්ලකාලා - කොල්ල කෑ දේපළවල වටිනාකම රුපියල් ලක්ෂ 18කට වැඩී..
පොලිස් වෙස්ගෙන නිවසකට ඇතුළු වූ පුද්ගලයින් තිදෙනෙක් එහි නිවැසියන් බියගන්වා ඔවුන්ට පහරදී දේපළ කොල්ලකා ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (06) අලුයම් කාලයේ දී කෑගල්ල ගලිගමුව ප්‍රදේශයේ නිවසක දී මෙම කොල්ලකෑම සිදුවී ඇති අතර අදාළ ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක් ආසන්නයේ තාවකාලිකව සාදා ඇති නිවසකට ඇතුළු වී ඇති සැකකරුවන් එහි තිබූ රන් භාණ්ඩ සහ දේපළ එලෙස කොල්ලකා ඇත්තේ.
පොලීසිය බව පවසමින්, නිවසේ හිමිකරු සිය මිතුරන් තිදෙනෙකු සමග තාවකාලිකව ඉදිකළ නිවසේ නිසා සිටිය දී ඊයේ අලුයම් කාලයේ දී සැකකරුවන් නිවසට ඇතුළු වී ඇත.
සැකකරුවන් විසින් නිවැසියන්ව දණගස්සා ඔවුන් සතුව තිබූ රන් අත්පළඳනාවක්, රන්මුදු 02ක්, රන් මාලයක්, පෙන්ඩන්ඩ් 02ක්, මුදලින් රුපියල් 355,000ක් සහ ජංගම දුරකථනයක් ඇතුළු තවත් දේපළ කොල්ලකා පළාගොස් ඇත.
කොල්ලකන ලද දේපළවල වටිනාකම රුපියල් ලක්ෂ 18කට අධික බව පොලීසිය පවසයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කෑගල්ල පොලීසිය විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |