අගමැති සහ කැබිනට් මණ්ඩලය ඉවත්විය යුතුයි..! පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමක් ජනපති හමුවී කියූ දේ..
පවතින ආර්ථික අර්බුදය ජයගැනීම සඳහා සම්මුතිකාමීව රට ගොඩනැගීම වෙනුවෙන් එක්ව කටයුතු කළ යුතු මොහොතක් ලෙස මෙම අවස්ථාව සළකන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහිදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජිතයන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් හෝ වෙනත් යම් ව්‍යුහයක් විසින් අන්තර්කාලීන නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව තම අදහස බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.
ඊට අදාළව බෙහෙවින්ම වැදගත් වනුයේ වැඩපිළිවෙල ක්‍රියාවට නැගීම බවද එහි තවදුරටත් දැක්වෙනවා. ඒ සඳහා නිශ්චිත කාලරාමු තුළ ක්‍රියාත්මක කළ යුතු යෝජනා අටක්ද මැතිවරණ කොමිෂන් සභාව දක්වා තිබුණා.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායකය ඉවත් කිරීම හෝ බලතල සීමා කිරීම හෝ පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කිරීම සහ රටට විදේශ විනිමය ලබාගැනීමේ වැඩපිළිවෙලක් සහිත ව්‍යාපෘති අමාත්‍යාංශ සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා වන විශේෂ අමාත්‍යාංශ ඇති කිරීම වැදගත් වනවා.
මහජන නියෝජිතයන්ට ලබාදෙනු ලබන අධි වරප්‍රසාද සීමා කිරීමද එහි ඇතුළත්. මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්, පළාත් සභා මන්ත්‍රී සංසදය සමඟ අද අරලියගහ මන්දිරයේදී හමුවක් පවත්වා තිබෙනවා.
එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හෝ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු නැති බවට පළාත් සභා මන්ත්‍රී සංසදය ඒකමතිකව යෝජනාවක් සම්මත කරගත් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ. කෙසේ වෙතත් වැවිලි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අදහස් දක්වමින් සඳහන් කළේ සියලු පක්ෂ ඇතුළත් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට අග්‍රාමාත්‍යවරයා සහ රජය ඉල්ලා අස්විය යුතු බව පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමෙන් බහුතරයක් ජනපතිට දැනුම් දුන් බවයි.
මෙවන් පසුබිමක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුලු පවුලේ සෙසු සාමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ ජනාධිපති මන්දිරයේදී පවත්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
මේ අතර ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අද ජපාන තානාපතිවරයා හමුවී වත්මන් තත්වය පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන්. රටේ පවතින තත්වය සම්බන්ධයෙන් ඔවුන් මීට පෙර චීන සහ රුසියානු තානාපතිවරුන්ද හමුවී සාකච්ඡා පවත්වනු ලැබුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |