ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට ලංකාවේ විශ්ව විද්‍යාලයකුත් තේරෙයි..එම ලැයිස්තුව මෙන්න..
ටයිම්ස් උසස් අධ්‍යාපන ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් (2023) අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලොව හොඳම විශ්වවිද්‍යාල 501- 600 අතරට එක්ව තිබෙනවා.
එමෙන්ම අඛණ්ඩව 4 වැනි වරටත් ශ්‍රී ලංකාවේ අංක 1 විශ්වවිද්‍යාලය බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලය නව ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන්ම සිටී.
ටයිම්ස් උසස් අධ්‍යාපන ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම ලොව විශාලතම සහ වඩාත් පුළුල් ශ්‍රේණිගත කිරීම්වලින් එකකි.
2023 ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම සඳහා රටවල් 104 කින් ලොව විශ්වවිද්‍යාල 1799ක් ඇතුළත් වන අතර, මෙම ශ්‍රේණිගත කිරීම කාණ්ඩ හතරකින් ආයතනයක ක්‍රියාකාරිත්වය තක්සේරු කරන කාර්ය සාධන ප්‍රමිති 13ක් මත පදනම් වේ.
ඉගැන්වීම, පර්යේෂණ, දැනුම හුවමාරුව සහ ජාත්‍යන්තර දැක්ම යනු එම කාණ්ඩ හතර වේ.
මෙම වසරේ ශ්‍රේණිගත කිරීම සඳහා පර්යේෂණ හා ප්‍රකාශන මිලියන 15.5 කට වැඩි ගණනක් හා උපුටා දැක්වීම් මිලියන 121 කට වඩා සංඛ්‍යවක් විශ්ලේෂණය කර ඇති අතර ජාත්‍යන්තරව 40,000 කට ආසන්න විද්වතුන්ගේ සමීක්ෂණ ප්‍රතිචාර ඇතුළත්ව ඇත.
මෙම වර්ගීකරණය ලොව පුරා උසස් අධ්‍යාපනයේ පරිසරය වෙනස් වන ආකාරය ද තක්සේරු කරන වර්ගීකරණකි.
ලොව හොඳම විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව මෙතැනින් බලන්න.?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |