පාර්ලිමේන්තු කටයුතු ගැන විශේෂ දැනුම්දීමක්..

Parliament of Sri Lanka Sri Lanka Politician Sri Lanka
By Sewvandhi Jun 16, 2023 11:58 AM GMT
Report

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී දූෂණ විරෝධි පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ලබන 21 වනදා පැවැත්වීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය, ලබන 20 වනදා සිට 23 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර අයවැය කාර්යාලය පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය 20 වනදා පැවැත්වීමට එහිදී තීරණය වූ බව පැවසුවාය.

මේ අතර පසුගිය පළමු වනදා ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා කළ කතාව පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය විපක්ෂයේ යෝජනාවක් මත ලබන 22 වනදා පැවැත්වීමට ද එහිදී තීරණය කර ඇත.

විපක්ෂය ගෙනආ යෝජනාවකට අනුව එම විවාදය පැවැත්වීමට තීරණය වී ඇති බව මහලේකම්වරිය සඳහන් කළාය.