හෙට කැබිනට් මණ්ඩලය තුළ සිදු වන සුවිශේෂ දේ මෙන්න - අලුත් වෙනසක්..

Parliament of Sri Lanka Mahinda Rajapaksa Sri Lanka Politician Sri Lanka Sri Lankan political crisis
By krishani Apr 24, 2022 07:53 AM GMT
Report

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට (25) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට(25) පස්වරුවේ රැස්වන කැබිනට් මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

නව කැබිනට් මණ්ඩලය පත්වීමෙන් අනතුරුව පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම හෙට පැවැත්වීමට නියමිතය.

එහිදී එම 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමට නියමිත අතර 20 වන සංශෝධනයේ ඇති විධායක බලතල එමඟින් කප්පාදු කිරීමට සැලසුම් කර තිබේ.

මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙක් පක්ෂ ද 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා කථානායකවරයා විසින් අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අදාළ යෝජනා ද හෙට දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මේ අතර ලබන 28 වන දින පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට තීරණය කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

එහිදි 21 වන ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කිරීමට නියමිතව තිබේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join