පාර්ලිමේන්තුවේ දේශපාලන පෙරළියක් වෙන්න යයි..අලුත්ම ආරංචිය මෙන්න..
යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ සිය මන්ත්‍රීධූරවලින් ඉවත්වීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.
ඒ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ද අයත්.
බැසිල් රාජපක්ෂ මහතාගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට එම පෙරමුණේ සාමාජිකත්වය දරණ පුද්ගලයෙකු පත් කිරීම සම්බන්ධයෙන් ද මේවනවිට පක්ෂය තුළ කථාබහක් පවතින බවයි වාර්තා වුණේ.
ඒ අනුව පුරප්පාඩු වන එම ධූරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා පත් වනු ඇති බවටයි මත පළ වන්නේ.
කෙසේවෙතත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉවත්වීමෙන් පුරප්පාඩු වන ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා මෙරට ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත් කරනු ඇති බවයි.
ඒ අනුව ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වුවහොත්, ඔහුට වත්මන් රජයේ ප්‍රභල අමාත්‍යධූරයකට පත්කරනු ඇති. බොහෝ විට ඔහුට ජාත්‍යන්තර අයෝජන හා වෙළඳාම සම්බන්ධයෙන් කටයුතු පැවරෙනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.
එහිදී ඔහුගේ කාර්යය භාරය වන්නේ මෙරටට ආයෝජන අවස්ථා ගෙනඒම හා විදේශ විනිමය ගෙන ඒමයි.
ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට රජයේ තනතුරක් භාරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මීට පෙර අවස්ථා ගණනාවකදී ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව ධම්මික පෙරේරා මහතා මුදල් අමාත්‍යංශයේ ලේකම් ධූරයට පත්වනු ඇති බවටයි මීට පෙර වාර්තා පළ වුණේ.
ඒ, ජනාධිපති නීතීඥ අලි සබ්රි මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලසීමාව තුලදීයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |