සියලුම විද්‍යාපීඨ සිසුන්ට සුබ ආරංචියක්...මැයි 04 වෙනිදා කරන්න යන දේ මෙන්න..(PHOTOS)

Protest Sri Lanka Education Kapila perera Ministry of education
By Sewvandhi Apr 07, 2022 03:27 PM GMT
Report

මෙරට ජාතික විද්‍යාපීඨ 19 යම නියෝජනය කරමින් ගුරු ශික්ෂණ ලාභීන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද උදෑසන සාමකාමී උද්ඝෝෂණයක් පවත්වා තිබෙනවා.

මෙම සාමකාමී උද්ඝෝෂණය උදෑසන 10.00 යේ සිට සවස් කාලය තෙක්ම පැවති බවයි අප වාර්තාකරු පැවසුවේ.

උද්ඝෝෂණය අතරතුර විරෝධතාවයේ නිරතවූ ගුරු ශික්ෂණ ලාභීන් දෙදෙනෙකු සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් කපිල පරේරා මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එම සාච්ඡාවෙන් අනතුරුව 2017 -2019 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව දැනුම් දෙමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ගේ අත්සනින් යුක්තව ලිපියක් ඔවුන් වෙත ලබා දී ඇත.

එම ලිපියේ සඳහන් වන්නේ, 2017-2019 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සියලුම දෙනා 2022 මැයි මස 04 වන දිනට ලංකා ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බවයි. මෙම ලිපිය ලබාදීමෙන් පසුව උද්ඝෝෂකයින් සිය විරෝධතාවය නතර කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම උද්ඝෝෂණය කිසිදු දේශපාල පක්ෂයක ,සංවිධානයක හෝ සංගමයක සහය ඇතිව සිදු නොකළ බවයි සාමකාමී උද්ඝෝෂණයට සහභාගී වූ ගුරු ශික්ෂණ ලාභීන් අප වෙත කියා සිටියේ.

එය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් කපිල පෙරේරා මහතාගේ විශේෂ පැසසුමට පවා ලක්ව ඇත. කපිල පෙරේරා මහතාගේ අත්සනින් නිකුත් කළ ලිපිය සහ සාමකාමී උද්ඝෝෂණයේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery