ජී.එල්.ට දෙන්න හිටිය භෝජනය කැන්සල් !

india sri lanka Politics gagana news Sri lanka sinhala news today trending
By krishani Feb 07, 2022 03:26 AM GMT
Report

ඉන්දියාවේ දෙදින සංචාරයක නියුතු විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා හට ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා විසින් ලබා දීමට නියමිතව තිබූ දිවා භෝජන සංග්‍රහය අවලංගු කිරීමට කටයුතු කොට ඇති බව වාර්තා වේ.

ඒ, අභාවප්‍රාප්ත වූ ගීත කෝකිලාවිය වූ ලතා මංගේස්කාර් මහත්මිය වෙනුවෙන් ඉන්දියාව දින 2ක ශෝක කාලයක් ප්‍රකාශ කර තිබීම නිමිත්තෙනි.

කෙසේවෙතත්,ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා පෙබරවාරි 6 වන දින නවදිල්ලි ගුවන් තොටුපළේදී පිළිගන්නා ලදී .

ඔහුගේ සංචාරයේදී ඔහු ඉන්දීය විදේශ ලේකම් හමුවී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.

තෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා ඉරිදා ඉන්දියාවට පැමිණියේය. ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා සිය සංචාරයේදී ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන ශ්‍රින්ග්ලා හමුවීමට නියමිත බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

තවද ඔහු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් අවසන් වරට සිය ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය පීරිස් හමුවූයේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී 76 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවරදී ජාතීන් දෙක හවුල් න්‍යාය පත්‍රය අනුව ඔවුන්ගේ සමීප හවුල්කාරිත්වය සහ ඉදිරි ගමන සඳහා පුළුල් සාකච්ඡාවක් පැවැත්වූ අවස්ථාවේදීය.

ජනවාරි මාසයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය රාජපක්ෂ මහතා සමඟ මාර්ගගත අතථ්‍ය හමුවක් පවත්වීය.

එහිදී ආහාර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1ක් සහ ඉන්දියාවෙන් ඉන්ධන ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ඉන්දියානු ණය පහසුකම දීර්ඝ කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කර ඇත.

සාක් ව්‍යවහාර මුදල් හුවමාරු විධිවිධාන යටතේ ඇමරිකානු ඩොලර් 400 ශ්‍රී ලංකාවට දීර්ඝ කිරීම සහ ආසියානු නිෂ්කාශන සංගමයේ (ACU) පියවීම මාස දෙකකින් ඩොලර් මිලියන 515.2 ක් කල් දැමීම පිළිබඳව අමාත්‍යවරුන් දෙදෙනා මෙම හමුවේදී ධනාත්මකව සටහන් කර ඇත.

ඉන්දීය රජය පසුගිය මාසයේදී ශ්‍රී ලංකාවට අනෙකුත් ගෙවුම් ශේෂ ආධාරවලට අමතරව ඩොලර් බිලියනයක ආධාර පැකේජයක් ද ප්‍රකාශයට පත් කර තිබුණි.

සිකුරාදා, ඉන්දියාව සිය කොවිඩ්-19 සහය යටතේ ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල(Rapid Antigen Test) 100,000 ක තොගයක් ශ්‍රී ලංකාවට එවා ඇත.

ඉදිරි දිනවලදී තවත් එවැනි කට්ටල බෙදා හරින බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now