මුහුදු වෙරළක, නීතිවිරෝධී ධීවර දැලක සූක්‍ෂම ලෙස සඟවා තිබී හමු වූ දේ..

Sri Lanka
By krishani Dec 23, 2022 09:58 AM GMT
Report

යාපනය - උදයපුරම් වෙරළ ප්‍රදේශයේ සූක්‍ෂම ‍ලෙස සඟවා තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 22 ක් සහ ඩෙටර්නේටර් 07 ක් නාවික හමුදාව විසින් ඊයේ (22) දින සිය භාරයට ගෙන ඇත.

එය එම වෙරළේ නීතිවිරෝධී ධීවර දැලක සූක්‍ෂම ලෙස සඟවා තිබියදී සොයාගත් බව නාවික හමුදාව ප්‍රකාශ කළේ ය.

නීති විරෝධී ධීවර කර්මාන්තය සඳහා යොදා ගැනීමට මෙම වාණිජ පුපුරණ ද්‍රව්‍ය වෙරලේ සඟවා තබන්නට ඇති බවට නාවික හමුදාව සැක කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join