වියදම් අඩු කරන්න, රජය කරන්න හදන අලුත්ම වැඩේ මෙන්න..?

Iran Sri Lanka Turkish Bagdak
By Sewvandhi Mar 20, 2022 04:11 PM GMT
Report

එතෙර පිහිටි මහ කොමසාරිස් කාර්යාල, තානාපති කාර්යාල සහ කොන්සල් ජනරාල් කාර්යාල පවත්වා ගැනීම සදහා වන වියදම් අවම කිරීමේ අරමුණෙන් තානාපති කාර්යාල 2ක් සහ කොන්සල් ජනරාල් කාර්යාලයක් වසා දැමීමේ සූදානමක් පිළිබදව තොරතුරු වාර්තා වනවා.

ඒ සදහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් විදේශ අමාත්‍යාංශය මගින් හෙට දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ මස 31 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස වසා දැමීමට යෝජනා කර ඇත්තේ ඉරාකයේ බැග්ඩෑඩ් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත්, නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් සහ ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි හි පිහිටි කොන්සන් ජනරාල් කාර්යාලය බව සදහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now