ශ්‍රී ලංකාවට තවත් විශාල ණයක් - භාණ්ඩ අපනයනය සම්බන්ධයෙන් කොන්දේසියකුත්..!

India economic Sri Lanka loan international loan
By Sewvandhi Mar 11, 2022 08:40 AM GMT
Report

ශ්‍රී ලංකාව ඉල්ලා සිටි ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය පහසුකම සඳහා ඉන්දීය මහ බැංකුවේ අනුමැතිය හිමිව ඇති බව එරට මාධ්‍ය සඳහන් කළා.

එය ප්‍රධාන වශයෙන් යොදාගැනෙනු ඇත්තේ ඉන්ධන ආනයනයට යි.

මෙහි දී ණය පහසුකමෙන් සියයට 75ක් ඉන්දීය අපනයනකරුවන්ගෙන් භාණ්ඩ ආනයනය කිරීම සඳහා යොදාගත යුතු අතර, ඉතිරි සියයට 25 වෙනත් ඕනෑම රටකින් භාණ්ඩ ආනයනය සඳහා යොදාගත හැකියි.

ණය පහසුකම මාස හයක කාලය සඳහා ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත එය තවත් වසරක කාලයක් සඳහා දිගු කළ හැකි බවයි ඉන්දීය මහ බැංකුව දන්වා ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now