ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙයි?..

Political Sri Lanka podujana peramuna Sri Lanka freedom party
By Aruna Jan 12, 2022 05:08 AM GMT
Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට එම පක්ෂයේ ඉහළ නායකයන් සාකච්ඡා කර ඇති බවට වාර්තා වනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශවය දිගින් දිගටම තම පක්ෂයේ හෑල්ලුවට ලක් කිරීම මත මෙම තීරණය ගත යුතු බවට ඔවුන් සාකච්ඡා කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ද ඉහල නායකයන් පිරිසක් සාකච්ඡා කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් දිගින් දිගටම ආණ්ඩුව විවේචනය කරන නිසා එම පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් කළ යුතු බවටයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෑත කාලයේ දී ආණ්ඩුව දිගින් දිගටම දැඩිව විවේචනය කිරීම මත මෙම පියවර ගත යුතු බවද එම සාකච්ඡාවේදී අදහස් පළ වී ඇත.

කෙසේ වුවත් දැනට අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ට එම ධුර දැරීමට අවස්ථාව දෙමින් ආණ්ඩුව සමග කටයුතු කිරීමට අවස්ථාව දිය යුතු බවද එහිදී තවදුරටත් යෝජනා වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now