විදුලි පාරිභෝගිකයන්ට පණිවිඩයක් - කරන්න යන මේ දේ ගැන දන්නවා ද කියලා බලන්න.
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Ceylon Electricity Board
Sri Lanka Electricity Prices
Kanchana Wijesekera
By krishani
අද (12) විදුලි ගාස්තු සකස් කිරීමේ ක්‍රමවේදය හා විදුලි ගාස්තු අඩුකිරීම සඳහා වන යෝජනා ලබාගැනීමේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.
ඒ විෂයභාර අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් විදුලිබල අමාත්‍යාංශයේ ය.
මෙම සාකච්ඡාවට ක්ෂේත්රයේ ප්‍රවීණයන් රැසක් එක්ව සිටියේ ය.
එමෙන්ම, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද එයට කැඳවා තිබුණ ද ඔවුන් එහි පැමිණ නොතිබිණ.
මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ විපක්ෂයෙන් යෝජනා ගැනීමට ඇති අකමැත්ත නිසා අදාළ සාකච්ඡාව පාර්ලිමේන්තුවෙන් පිටත ස්ථානයකදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.
කෙසේ වෙතත්, අද (12) පස්වරුවේ පැවති අදාළ සාකච්ඡාවේ දී අදහස් දක්වමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ ජනවාරි මැද භාගය වනවිට විදුලි ගාස්තු අඩු කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.