රටේ ප්‍රධාන මැතිවරණයක් ගැන විශේෂ තීරණයක්...ලබන සතියේ කරන්න යන දේ මෙන්න ..

Sri Lanka Election Election commission Roshan ranasinghe
By Aruna Jan 09, 2022 02:55 AM GMT
Report

පළාත් පාලන මැතිවරණය තවත් වසරකින් කල් දැමීමට අදාළ ගැසට් නිවේදනය එළැඹෙන සතියේ නිකුත් කිරීමට නියමිතව තිබෙන බවට වාර්තා වනවා.

රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගෙන් පළාත් පාලන මැතිවරණයට අදාළ විෂය පථයන් ඉවත් කරමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කිරීමට නියමිතව ඇති බවයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කළේ.

මැතිවරණය කල් දමන්නේ නම් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ යුතු වන්නේ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා විසිනුයි.

එහෙත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, දැනට ඔහු විදෙස්ගතව පසුවන නිසා, මැතිවරණය කල් දැමීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට ඔහුට හැකියාවක් නොමැති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉවත් කෙරෙන පළාත් පාලන විෂය පථය වෙනත් අමාත්‍යවරයෙකුගේ විෂය පථයට එක් කර පළමු ගැසට් නිවේදනය නිකුත් කෙරෙනු ඇති.

අනතුරුව එම අමාත්‍යවරයා විසින් පළාත් පාලන මැතිවරණය වසරකින් දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේවෙත් එළැඹෙන මාර්තු මස 20 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන අතර, වසරකින් කල් දැමුවහොත් එය 2023 වසරේ මාර්තු 20 වැනිදාට පෙර අනිවාර්යයෙන්ම පැවැත්විය යුතුයි.

ඊට හේතුව පළාත් පාලන මැතිවරණයක් කල් දැමීමට විෂය භාර අමාත්‍යවරයාට හැකියාව පවතින්නේ වසරකින් පමණක් වීම හේතුවෙන්.

මේ අතර, ඕනෑම මොහොතක පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ මූලික වැඩකටයුතු මේ වනවිටත් සකස් කරමින් පවතින බව මැතිවරණ කොමිසම සඳහන් කළා.