ලංකාවේ ආරක්ෂාව ගැන ජනපතිගෙන් දැනුම්දීමක්...

Sri Lanka
By Aruna Nov 13, 2022 01:48 AM GMT
Report

ඉන්දියන් සාගරය සම්බන්ධයෙන් ලෝක බලවතුන් අතර පවතින බල අරගලය නිසා ශ්‍රී ලංකාවේ සන්නද්ධ අංශ ශක්තිමත් කිරීමට සිදුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මේ වනවිට රුසියාව, ඇමරිකාව සිට චීනය දක්වා වූ ලෝක බලවතුන් ඉන්දියන් සාගර කලාපය වෙත බලපෑම් කරන බවද ඊට අප මැදිහත් නොවී අපේ ආරක්ෂාව තර කර ගැනීමට අවධානය යොමු කළ යුතු බව ද සදහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ඊයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සම්මාන උළෙලේදීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now