දුම්වැටියක් නිසා ඝාතනයට ලක් වුණ වෙළදසැල් හිමිකරුවෙකුගේ ඛේදනීය මරණය..

sri lanka crime Sri lanka sinhala news today trending news at Madampe
By krishani Apr 15, 2022 06:39 AM GMT
krishani

krishani

in අපරාධ
Report

දුම්වැටියක් මිලදීගැනීමට යාමේදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් පුද්ගලයෙක් ඝාතනයට ලක්ව තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාදම්පේ මුගුණුවටවන - මහගම ප්‍රදේශයේ වෙළෙඳසැලක හිමිකරුවෙකි.

පුද්ගලයින් සිව්දෙනෙකු අදාළ වෙළෙඳසැල වෙත පැමිණ දුම්වැටි ඉල්ලා තිබේ. එම අවස්ථාවේදී වෙළෙඳසැලේ හිමිකරු විසින් දුම්වැටි නොමැති බව පැවසීමත් සමඟ දෙපාර්ශවය අතර බහින්බස් වීමක් සිදුව ඇති බව වාර්තා වෙයි.

එම අවස්ථාවේදී බහින් බස් වීම දුර දිග යාමෙන් පසුව අදාළ පිරිස විසින් වෙළදසැලේ හිමිකරුට තියුණු ආයුධයකින් පහරදී තිබේ.

පහරකෑමෙන් බරපතල තුවාල ලැබු ව්‍යාපාරිකයා හලාවත මහා රෝහලට ඇතුළත් කිරිමේ දි මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවටය.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා මාදම්පේ පොලිසිය විසින් මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join