ශ්‍රී ලංකාව ඓතිහාසික ක්‍රිකට් ජයග්‍රහණයක් වාර්තා කරයි..වාර්තා පොත් අලුත් කළ හැටි මෙන්න..

Cricket Sri Lanka Cricket South Africa National Cricket Team
By Aruna Apr 04, 2024 05:08 AM GMT
Report

දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වුණු තුන්වන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ජය ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමඟ පැවැති තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුවද දෙවැනි තරගය ජයගනිමින් තරගාවලියට අවතීර්ණ වන්නට වුණා.

අනතුරුව ඊයේ (03) දින නැගෙනහිර ලන්ඩනයේ බෆලෝ පාර්ක් පිටියේදී පැවැති තීරණාත්මක තුන්වැනි පන්දුවාර විස්සයි විස්ස තරගය කඩුලු 04කින් ජයගනිමින්, තරග 3කින් සමන්විත පන්දුවාර 20 තරගාවලිය 2-1ක් ලෙස දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම හමුවේ ඓතිහාසික ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණේ මෙරට ප්‍රේක්ෂකයින්ට නැවුම් බලාපොරොත්තුවක් එක්කරමින්.

තුන්වැනි තරගයේදී පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 155 ලබාගත් අතර, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් තුළ කඩුලු 06ක් දැවී ලකුණු 156ක් ලබාගනිමින් තරගය ජයග්‍රහණය කරණු ලැබීය.

එහිදී චමරි අතපත්තු පන්දු 46කදී ලකුණු 73ක් ලබාගත්තේ, හතරේ පහර 07ක් සහ හයේ පහර 05ක් එල්ලකරමින්.

මේ අතර හර්ෂිතා සමරවික්‍රම පන්දු 43කදී ලකුණු 54ක් ලබාගත්තා.

චමරි සහ හර්ෂිතා දෙවන කඩුල්ලට ලකුණු 97ක සම්බන්ධතාවක් පැවත්වූ අතර, එය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණය වේගවත් කරන්නට සමත් වුණා.