අද ශ්‍රී ලංකාවට තීරණාත්මක තරඟයක්.. පටන්ගන්න වෙලාව මෙන්න..

Sri Lanka Cricket Sri Lanka Indian Cricket Team Netherlands Cricket Team International Cricket Council
By Aruna Jun 30, 2023 04:23 AM GMT
Report

ලබන ඔක්තෝබර් මාසයේ ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි කණ්ඩායම් හය වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද (30 වැනිදා) දහවල් 12.30ට නෙදර්ලන්තය සමගින් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

‘බී’ කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකාව එහිදී සහභාගි වූ තරගතඟ හතරම ජයගෙන අපරාජිතව සුපිරි හය වටයට පිවිසි අතර ‘ඒ’ කාණ්ඩයෙන් තරගාවලිය හා එක් වූ නෙදර්ලන්තය තරග හතරකින් තුනක් ජයගෙන අදාළ වටය සඳහා පිවිස තිබේ.

එහිදී ‘ඒ’ කාණ්ඩයෙන් නෙදර්ලන්තය පරාජය වූයේ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට පමණි.

එම කාණ්ඩයෙන් පෙරළිකාර කණ්ඩායමක් වූ නෙදර්ලන්තය ලකුණු 374ක් හඹා යමින් බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ සුපිරි පන්දුවාරයෙන් ජය ලැබීම ඒ අතර සුවිශේෂී කාරණයක් බවයට පත් වුණා.

පෙර තරගයන්හි ක්‍රීඩා නොකළ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරව සුපිරි හය වටයේ සිට කණ්ඩායමට එක් කිරීමට අපෙක්ෂාවෙන් සිටියත්, ආබාධ තත්ත්වය සියයට සියයක් සුව නොවීම හමුවේ ඔහුට ඉදිරි තරගද අහිමි වී තිබේ.

ඒ හේතුවෙන් කාණ්ඩ වටයේ ක්‍රීඩා කළ කණ්ඩායමම අද තරගයේදීද ක්‍රීඩා කරනු ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම ඉදිරි දිනකදී දුෂ්මන්ත ශ්‍රී ලංකාව බලා පැමිණීමටද නියමිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන්කර සිටියේ.

‘බී’ කාණ්ඩය යටතේ ඕමානය සහ ස්කොට්ලන්තයට එරෙහිව ජය ලබා තිබීම හමුවේ ශ්‍රී ලංකාව සුපිරි හය වටයට පිවිසෙනුයේ එම ලකුණුද අතැතිවය.

ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගි වීමට නියමිත තරග තුනෙන් දෙකක් ජයගතහොත් පහසුවෙන් අදාළ අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව ඔවුන්ට උදාවනු වෙයි.

ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරග සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වෙන අතර ඒ හේතුවෙන් අද තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් සහ තීරණාත්මක තරඟයක් වනු ඇති.