ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගන්න යයි..
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් ඉදිරියේ දී දැඩි තීරණයක් ගැනීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි ප්‍රකාශ කර සිටිනවා.
කණ්ඩම්බි මේ බව සදහන් කළේ, ඉන්දියාව සමඟ ඊයේ (28) නිමා වූ දෙවන විස්සයි විස්ස තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.
මෙහිදී මාධ්‍යවේදීන් තිළිණ කණ්ඩම්බිගෙන් ප්‍රශ්නකර සිටියේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ කඩා වැටීම සම්බන්ධයෙන්.
කණ්ඩායමේ සිටින මැදපෙළ පිතිකරුවන් මෙලෙස දිගින් දිගටම අසාර්ථක වනවා නම් සංචිතයේ සිටින දක්ෂ නවක ක්‍රීඩකයින්ට එම අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවයි, එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ඉන්දීය කණ්ඩායම සමඟ පැවති පළමු 20-20 තරග දෙකේදී ම ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය කැපී පෙනෙන සිදුවීමක් බවට පත් වුණා.
මේ හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිමට අනවශ්‍ය පීඩනයක් එක්වූ ආකාරය එම තරග දෙක තුළ දී දැක ගැනීමට හැකියාව ලැබීම විශේෂත්වයක්.
මීට අදාල වීඩියෝව පහතින් නරඹන්න?
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%