කොළඹ ප්‍රධාන ස්ථානයක නොසන්සුන්කාරී තත්ත්වයක්..වහාම පොලිසිය කැඳවයි.(VIDEO)

Sri Lanka Colombo Political Celingco
By Aruna Mar 07, 2022 05:10 AM GMT
Report

කොළඹ සෙලින්කෝ හවුස් පරිශ්‍රයේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වනවා.

වාර්තා වන අන්දමට අද (7) උදෑසන විදුලිය විසන්ධි වීම හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ කටයුතුවලට බාධා එල්ල වූ බවයි.

විදුලිය විසන්ධි වීම හේතුවෙන් විවිධ සේවාවන් සඳහා එම පරිශ්‍රයට පැමිණි විශාල පිරිසක් අපහසුතාවට පත්ව සිටිති.

මෙම නොසන්සුන්කාරී තත්ත්වය විදේශ අමාත්‍යාංශය නිසා ඇති වූවක් නොවන බව විදේශ ලේකම්වරයාගේ සම්බන්ධීකරණ නිලධාරී කමාන්ඩර් චමීර රණවීර මහතා අදහස් දක්වමින් කියා සිටියේ, සෙලින්කෝ හවුස් ආයතනය පාර්ශ්ව කිහිපයකට අයත් එකක් බවත්, දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලක් මත එක් පාර්ශ්වයක් විසින් භාණ්ඩ සැපයීම අත්හිටුවා ඇති බවත්ය.

තත්ත්වය පාලනය කර විසඳුමක් ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා පොලිසිය පරිශ්‍රයට කැඳවා ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

කමාන්ඩර් චමීර රණවීර මහතා පැවසුවේ, අදාළ පිරිස් සමඟ සාකච්ඡා කර පැයක් ඇතුළත විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now