මුළු රටම වසා දැමීමට සිදුවන දිනය ගැන දැනුම් දීමක්..

Sri Lanka Political Closed Electric case
By Aruna Jan 14, 2022 07:24 AM GMT
Report

මේ වන විට රටේ ඇතැම් ක්ෂේත්‍ර වල පවතින දැඩි අර්බුධකාරී තත්ත්වය හේතුවෙන්, මෙරට තුළ පැය 24ම විදුලි කප්පාදුවක් බලාත්මක කෙරෙන දිනය නුදුරේදීම එළැඹෙනු ඇතැයි ලංකා විදුලි සේවක සංගමය අනතුරු අඟවනවා.

එහි ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසුවේ, විදුලිය නොමැති නිසා රට වසා දැමීමට සිදුවන දිනය ඉතා ආසන්න බවයි.

විදුලිබල කේෂත්‍රයේ පවතින අර්බුද සදහා විසදුම් ආණ්ඩුවෙන් හිමි නොවීම මෙම තත්වයට හේතුව බවයි රංජන් ජයලාල් මහතා පෙන්වා දුන්නේ.

අපි දිගින් දිගටම කිව්වේ වාර්ෂිකව වසර 5කට වරක් මහා නියගයක් එනවා කියලා.

ඒක විදුලිබල මණ්ඩලය දන්නවා. ඒකට කිසිම සූදානමක් නෑ.

එතකොට මේ වසර කියන්නේ පෙර වසරවල් මෙන් වර්ෂාව ඇදහැලෙන වර්ෂයක් නෙමෙයි.

විශේෂයෙන්ම ජලාශ ආශ්‍රිතව බලාගාර වලට විදුලිය සපයන ජලාශ ක්‍රමානුකූලව සිදියමින් පවතිනවා.

සති දෙකක්වත් ගියේ නෑ අධික වර්ෂාවට ලක් වෙලා ජලාශ ඉතිරී ගිහිල්ලා, එකතුවෙලා තියෙන්නේ රොන්මඩ.

මේක බරපතල තත්ත්වයක්. ඉදිරියේදී වැඩි ඈතක් නෑ පැය 6ක් නෙවෙයි පැය 24ම විදුලිය විසන්ධි කරලා තියන්න වෙන අවස්ථාවක් පත්වෙනවා.

කොවිඩ් වසංගතයට මුළු රටම වහලා දැම්මා වගේ, විදුලිය නැති නිස මුළු රටම වහලා තියන්න වෙන දවස වැඩි ඈතක නෙවෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now