ආසියාන් කලාපීය වේදිකාවේදී ශ්‍රී ලංකා - කැනඩා සබඳතා පිළිබඳ සාකච්ඡා

Government of Canada Vijitha Herath Government Of Sri Lanka Latest Headlines Sinhala news
By R.rishma Jul 24, 2026 08:11 AM GMT
Report

මැනිලා නුවර පැවති ආසියාන් කලාපීය වේදිකාව (ARF) අතරතුරදී කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍ය අනීතා ආනන්ද් මහත්මිය හමුවූ බව වාර්තා වේ.

එම හමුවේදී ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව අවධානය යොමු කර ඇති අතර, දෙරටට වැදගත් වන කලාපීය සහ ජාත්‍යන්තර කරුණු සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කරගෙන තිබේ.

මෙම සාකච්ඡාව දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් පැවැති බව සඳහන් වේ.