පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල සංශෝධනය ගැන අවසන් තීරණය අද
Sri Lanka Food Crisis
Economy of Sri Lanka
Latest Headlines
Price
Sinhala news
By R.rishma
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ තිරිඟු පිටි මිල ඉහළ දැමීමට සමාගම් ගෙන ඇති තීරණය හමුවේ, පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් සංශෝධනය කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය අද (31) ප්‍රකාශයට පත්කරන බවයි.
එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, පසුගිය 29 දින සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන සමාගම් පියවර ගෙන ඇති බවයි.
පවතින නිෂ්පාදන පිරිවැය සහ පිටි මිල ඉහළ යාම හමුවේ බේකරි නිෂ්පාදකයින් මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳව සංගමයේ විධායක සභාව රැස්වී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත අතර, පාරිභෝගිකයාට මෙන්ම බේකරි නිෂ්පාදකයින්ට ද සාධාරණ වන අන්දමින් සුදුසු තීරණයක් අද 31 වනදා දැනුම් දෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.