මෙරට මුහුදු තීරයක රතු කොඩි ඔසවයි..හේතුව මෙන්න.

Accident Sri Lanka Beach Mulathiv Red flags
By Aruna Dec 12, 2021 03:36 AM GMT
Report

දිය නෑම තහනම් ස්ථාන සනිටුහන් කිරීම වෙනුවෙන් මුලතිව් වෙරළ තීරයේ ස්ථාන කිහිපයක රතු කොඩි එසවීමට මුලතිව් ධීවර ප්‍රජාව,නාවික නිලධාරින් හා මුලතිව් පොලිසිය කටයුතු යොදා තිබෙනවා.

මුලතිව් මුහුදේ දිය නෑමට ගිය වවුනියාව දිස්ත්‍රික්කයේ තරුණයින් තිදෙනෙකු පසුගිය 06 වැනිදා මුහුදේ ගිලීමෙන් ජිවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව වෙරළ සීමාවේ එලෙස දිය නෑමට නුසුදුසු ස්ථානවල රතු කොඩි ඔසවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැප්තැම්බර් සිට ජනවාරි මාසය දක්වා කාලය තුළ මුලතිව් මුහුදු සීමාව රළු ස්භාවයක් ගන්නා අතර, අදාළ කාලසීමාවේදී මුලතිව් මුහුදේ දිය නෑම භයානක බව මුලතිව් ධීවරයින් පවසනවා.

පොලිසිය හා ධීවර ප්‍රජාව ඉල්ලීම් කරන්නේ මුලතිව් වෙරළ සීමාවේ රතු කොඩි ඔවසා ඇති ස්ථාන අසල දිය නෑමෙන් වළකින ලෙසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now