මෙරට සියලුම බැංකු සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී..

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Parliament of Sri Lanka Ranil Wickremesinghe Sri Lanka
By Aruna Jun 29, 2023 05:52 AM GMT
Report

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙන් බැංකු නිදහස් කෙරෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

එම තීරණය ගෙන ඇත්තේ මේ වනවිටත් බැංකු 50%ක පමණ බදු ගෙවීම සැලකිල්ලට ගනිමින් බවයි අධිපතිවරයා පැවසුවේ.

එසේම භාණ්ඩාගාර බිල්පත්වල සිදුකෙරෙන වෙනස්කම් පිළිබඳව ද මහ බැංකු අධිපතිවරයා කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව 2024 දක්වා වූ භාණ්ඩාගාර බිල්පත්වල පොලිය 12.4% වන ලෙසත් 2026 දක්වා වූ භාණ්ඩාගාර බිල්පත්වල පොලිය 7.5% වන ලෙසත් කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත්වල පොලිය 5%ක් වන ලෙසත් ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතය බවයි හෙතෙම කියා සිටියේ.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද (29) පැවැත්වෙන සාකච්ඡාවේදී මහබැංකු අධිපතිවරයා මේ බව පවසා ඇත.