ලංකාවත් සමග ගණුදෙනු සම්බන්ධයෙන් බංග්ලාදේශය ගත් දැඩි තීරණය..

Central Bank of Sri Lanka Sri Lanka Economic Crisis Sri Lanka Bangladesh
By Sithumi Oct 28, 2022 11:04 AM GMT
Report

ආසියානු නිෂ්කාශන සංගමයේ”‍ ගෙවීම් යාන්ත්‍රණයෙන් ශ්‍රී ලංකාව තාවකාලිකව ඉවත් වී සිටීමට තීරණය කිරීම හේතුවෙන් එම යාන්ත්‍රණය හරහා ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු නොකරන ලෙස බංග්ලාදේශ මහ බැංකුව එරට බැංකුවලට දැනුම් දී තිබෙනවා.

බංග්ලාදේශ මහ බැංකුව ඊයේ (27) නිවේදනය කළේ ගෙවීම් යාන්ත්‍රණයෙන් ශ්‍රී ලංකාව තාවකාලිකව ඉවත් වී සිටීමට හේතුවෙන් කිසිදු වෙළඳ හා වෙළඳාමක් සම්බන්ධ ගනුදෙනු නොකරන ලෙස සියලු‍ම බැංකුවලට දැනුම් දුන් බවයි. ‍

”ආසියානු නිෂ්කාශන සංගමය”‍ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ මූලිකත්වයෙන් 1974 දී පිහිටුවනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now