15,000 කට අධික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සේවයෙන් ඉවත් වෙයි..හේතුව මෙන්න..

Sri Lanka Army Sri Lanka
By Sewvandhi Dec 15, 2022 03:27 AM GMT
Report

15,000කට අධික හමුදා සාමාජිකයින් පිරිසක් ,ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීතියානුකූලව සේවයෙන් ඉවත් වීම සඳහා ප්‍රකාශයට පත් කර පත්කර ඇති පොදු සමා කාලය තුළ ඉවත් වීම සඳහා ඉදිරිපත්ව තිබේ.

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට පසුගිය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 31 වන දින දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව ඊයේ (14) දිනය දක්වා කාලය තුළ යුද හමුදා සාමාජිකයින් 15,476 දෙනෙකු නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ඉදිරිපත් වී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා සඳහන් කළේය.

ඉන් හමුදා සාමාජිකයින් 15,165 දෙනෙකු නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකර තිබේ. තවත් නිලධාරීන් 194 දෙනෙකුගේ නිශ්කාශන වාර්තා ලබාගැනීමෙන් පසුව සේවයෙන් ඉවත් කිරීමට නියමිතය. 

 දෙසැම්බර් 31වන දින දක්වා පොදු සමා කාලය ක්‍රියාත්මක වන අතර තවදුරටත් නීත්‍යානුකුලව සේවයෙන් ඉවත් නොවු ත්‍රිවිධ හමුදා සාමාජික


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now