හමුදා සෙබළෙක් ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙනයයි..ප්‍රබල විදෙස් තරුණියකගෙන් හදවතින්ම ප්‍රශංසා ලැබෙයි..(PHOTOS)

Sri Lanka Army Sri Lanka
By Aruna Nov 16, 2022 01:37 AM GMT
Report

පසුගිය 13 වන දින ගිරිතලේ අවුකන බුද්ධ ප්‍රතිමා පරිශ්‍රයේ අනුරුව ඉදිරිපිට (SLCMP කඳවුරු පරිශ්‍ර 2 ඉදිරිපිට) රාජකාරියේ යෙදී සිටියදී විදේශිකයෙකුගේ අත්බෑගයක් සොයා ගැනීමට 2 වන ශ්‍රී ලංකා හමුදා පොලිසියේ (SLCMP) කෝප්‍රල් NEDP නානායක්කාර සමත්වී තිබෙනවා.

එහි ඇතුළත මුදල් පසුම්බියක් ද තිබී හමුව ඇති බවයි පැවසෙන්නේ.

පසුව, ඔහු බෑගය 2 SLCMP මූලස්ථානයට භාර දී ඇති අතර පසුව මෙම අත්බෑගය 2 SLCMP හි අණදෙන නිලධාරී මේජර් NPEN නේරංගම මහතාගේ උපදෙස් පරිදි පරීක්‍ෂාවට ලක් කර තිබේ.

එහිදී එම අත්බෑගයේ රුපියල් හත්ලක්ෂයක් පමණ වටිනා විදේශ මුදල්, රුපියල් තුන්ලක්ෂයක් පමණ වටිනා Canon කැමරාවක් සහ ජැක්ලින් ස්ලින්ඩා මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රයක් ද හමුවී ඇත.

මේ අතර ATM කාඩ්පත් දෙකක් සහිත Power Bank එකක්ද එහි තිබී සොයාගෙන තිබේ.

මෙලෙස හමුවූ මුදල් පසුම්බිය කායෝ චම්බි ජැක්ලින් ස්ලින්ඩා මෙනවියගේ බව යුධ හමුදාව විසින් තහවුරු කරන ලද අතර 2 SLCMP මූලස්ථානයට වාර්තා කරන ලෙස ඇයට දන්වා ඇත.

2 වන ශ්‍රී ලංකා  යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිළධාරී කෝප්‍රල් නානායක්කාර සහ යුධ හමුදාව සමඟින් මෙම මුදල් පසුම්බිය 2 SLCMP මූලස්ථාන පරිශ්‍රයේ දී හිමිකරුට භාර දී ඇත.

පසුව ජැක්ලින් ආර්යාව විසින් මෙම වටිනා ක්‍රියාව වෙනුවෙන් හදවතින්ම ප්‍රශංසා කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGallery