ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට සතුටුදායක ආරංචියක්..

Sri Lanka Political Indian G. L. Peris
By Aruna Jan 07, 2022 04:49 AM GMT
Report

දුෂ්කර සමයකට මුහුණ දෙන ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව සූදානම් බව එරට විදේශ කටයුතු අමාත්‍ය එස් ජායිශංකර් ප්‍රකාශ කළා.

නව වසරට සුබ පැතුම් එක් කිරිම සඳහා තමා මෙරට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් සමග දුරකතන සංවාදයක නිරත වූ බවත්, මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා නිරන්තරයෙන් සබඳතා පවත්වා ගැනීමට එකඟ වූ බවත් ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා දෙරට අතර ගිවිසුමක් අත්සන් කිරීමෙන් අනතුරුවයි.

එම එකඟතාව ද්වීපාර්ශවික බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කරන බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය ප්‍රවේශය දීර්ඝ කිරීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා කියා සිටියා.

අසල්වැසියාට ප්‍රමුඛත්වය ප්‍රතිපත්තිය යටතේ වැදගත් පාර්ශවකරුවෙකු ලෙස ඉන්දියාව, ශ්‍රී ලංකාවට සහාය වන බවයි නවදිල්ලියේ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now