ශ්‍රී ලංකාව බංග්ලාදේශට ඊයේ ආරාධනා නොකළ හේතුව මෙන්න..

Cricket Sri Lanka Cricket Bangladesh Cricket Team ICC Men
By Aruna Apr 02, 2024 02:50 AM GMT
Report

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගයේ තුන්වන දිනය වන ඊයේ (01) දිනට තරගය නතර කරන විට දෙවන ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකාව කඩුලු 06ක් දැවී ලකුණු 102ක් රැස්කරගෙන සිටිනවා.

ඒ, අනුව ශ්‍රී ලංකාව මේ වනවිට ලකුණු 455ක් ඉදිරියෙන් පසුවෙයි.

ක්‍රිකට් විචාරකයින් සඳහන් කළේ, තරගයේ සිව්වන දිනය වන අද (02) දිනයේ දී පන්දු යවන්නන්ට තණතීරුවේ වැඩි සහායක් හිමිවනු ඇති බවයි.

මේ අතර පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාව ලකුණු 531ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළ අතර, ඊට පිළිතුරු වශයෙන් බංග්ලාදේශයට සිය පළමු ඉනිමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 178ක් පමණි.

ඒ, අනුව ශ්‍රී ලංකාව බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 353ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ආරම්භ කළේ ය.

කෙසේ වෙතත් එවැනි ලකුණු සංඛ්‍යාවකින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිය දී බංග්ලාදේශයට දෙවන ඉනිමට ආරාධනා නොකර ශ්‍රී ලංකාව දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීමට තීරණය කිරීම පිළිබඳව බොහෝ ප්‍රේක්ෂකයින්ට ප්‍රශ්නාර්ථයක්ව පවතී.

ඊයේ සවස පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්, මීට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු පැවසුවේ, ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට විවේකයක් ලබාදීමේ අරමුණින් මෙවැනි තීරණයකට එළඹි බවයි.