මුළු රටම බලා සිටින ශ්‍රී ලංකා බංග්ලාදේශ අද තරගයේ විශේෂත්වය මෙන්න..

Cricket Sri Lanka Cricket Bangladesh Cricket Team ICC Men
By Aruna Mar 13, 2024 07:20 AM GMT
Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරඟ 03 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වීමට සියලු කටයුතු මේවන විය සූදානම් කර තිබෙනවා.

බංග්ලාදේශයේ චිතගොංහි දී‍, පළමු තරගය අද පස්වරු 02.00 ට ආරම්භ වීමට නියමිතයි.

අදින් ඇරඹෙන එක්දින තරගාවලියට තරග 03 කින් සමන්විත වන අතර,ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ බංග්ලාදේශය සමග පැවැති 20-20 තරගාවලිය 2-1 ක් ලෙස ජයගෙන ජයග්‍රාහී මානසිකත්වයකින් වීමද විශේෂත්වයක්.

එක්දින තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ දිනයේදී නම් කෙරුණා.

එක්දින කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව ඇති අතර, උපනායකයා ලෙස කටයුතු කරන්නේ චරිත් අසලංකයි.

අසිත ප්‍රනාන්දු සහ ෂෙවෝන් ඩැනියෙල් වෙනුවට ළහිරු කුමාර සහ කමිඳු මෙන්ඩිස් බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබීමද විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා එක්දින තරග 54 ක් පවත්වා ඇති අතර, ඉන් තරග 42 ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇති අතර, බංග්ලාදේශය තරග 10 ක් ජය ගෙන තිබේ.

ශ්‍රී ලංකා පිල චිතගොං ක්‍රීඩාංගණයේදී මෙලෙස එක්දින තරගයට එක්වන්නේ වසර 18 කට පසුව වීම ද විශේෂත්වයක්.